2016-04-08

සමාවෙන්න හංසි(1)...






ස්ටුඩියෝ එකේදී...

ඇති යන්තන් ඇතුලට ආවා...

හ්ම්ම්...



                  ගුඩ් මෝනින් සර්..මොකක්ද  වෙන්න ඕන ?

හම්මට හුඩු..කවුද බන් මේ ගිනි කිකිළි...හප්පා...ඇඟට හිරට මහලා කොටට ඇඳලා ..අම්මෝ..පිස්සුවෙත් උපරිම එක හැදෙනවා...

ආ මිස්  ගුඩ් මොර්නින්ග්..
මම මේ...මම මේ..
මල හුට්ටප්පරයි ..මෙකි දැකලා මම ආපු කාරණාවත් මතක නැතුව ගියානේ...

මම මේ..මම මේ...........ආ...මේ මම රේකොඩින් එහෙකට අවේ. 
මිස්ටර් රවින්ද්‍ර එක්ක තමයි කරන්නනේ.
ඇති යන්තන්..මතක් වුනා. තව පොඩ්ඩෙන් කලිසම ගලෝලා ඔලුවේ ඔතාගන්න වෙන්නේ..

                  සර්ගේ නම පොඩ්ඩක් කියනවා ද?

ම..ම්ම්..මම රසික..
                  එපොයින්ට්ම්න්ට් එකක් දාලද සර් තියෙන්නේ..
ආ ..ඔව් ඔව්..අද උදේ දහයට...
අන්න එකී හොරෙන් හිනාවෙනවා...ආපෝ..වස ලැජ්ජාවයි..

                   ම්ම්ම්ම් හරි සර්..සර් ඔහොමම දෙවෙනි තට්ටුවට යන්න. රවින්ද්‍ර සර් ලෝන්ජ් එකේ ඇති. 
                   රවින්ද්‍ර සර් දැන් පැය  බාගෙකට කලින් ආවේ.

හා..හා .හරි මිස් ..තැනක් යූ වෙරි මච්...

                    යු ආර් වෙල්කම් සර්...
හම්මට හුඩු කිව්වලු..

කෙල්ලගේ ලස්සන..තුසිත යාත් හොඳට හොයලා බලලා සුපිරිම කෑල්ලක් .රිසෙප්ෂනිස්ට් ට අරන් වගේ..

---

හඃ. හඃ..
හම්මේ..තාමත් ඉහින් කනින් දාඩිය..
දාඩිය නෑවිත් තියෙයිද?තහඩුමඩුවකනේ  ආවේ......
මෙහෙම දාඩිය පෙරාගෙන ගිහින් කොහොම රේකොඩින් එක කරන්නද මන්දා..
ස්ටුඩියෝ එකත් ගඳ ගහයි මෙහෙම ගියොත් නම්.
මගෙත් ගොන් කම..තව වෙලා තියෙනවා නේ කියලා හිතාගෙන අර ළඟටම ආපු ඇවිල්ල නවත්තපු බස් එකේ එන්නේ නැතුව ....පණ්ඩිතයා වගේ නැග්ගා මෙතන  ඒ පස්සෙන් ආපු පතෝල මැස්සේ...
හම්මේ...මෙහෙමවත් ආවා ඇති...
කකුල් දෙකම රිදෙනවා ඒ ටකරන් මඩුවේ හිටන් ඉඳලා...

කෝ බලන්න වෙලාව...)

හප්පා දහයට පහයි...
රවී අයියා ට දැනටමත් මළ පැනලා ද දන්නේ නැහැ..
පොර කොහොමත් වෙලාවට වැඩ..අපී වගේ හාල්පාරුවෝ නෙමේ..
මොනා වුනත් හොඳ කොල්ලෙක්..
අපි වගේ අලුත් කොල්ලන්ට පුළුවන් උපරිම සප් එක දෙනවා..

-
-
-
හරි ..මේ තියෙන්නේ ස්ටුඩියෝ එක...

ක්‍රීඊ ඊ ඊ ඊ ඊ ඊ ඊ කක්...
හම්මේ යකාගේ දොරක් නේ මේක...
පුදුම තදක් තියෙන්නේ...

ම්ම්..කෝ මේ රවී යා..
ම්ම්ම්
ම්ම්_

ආ අර ඉන්නේ ගිටාර් එකත් අරගෙනම..
මොකක්දෝ කොලෙකුත් අරගෙන ලිය ලිය ඉන්නේ..
සමහරවිට මෙලඩියක් දානවා ඇති..
පොර එළියේ ඉඳන්ම වැඩේ පටන් අරන් වගේ,...

-

-
රවී අයියා...

               ආ රසික මල්ලි..උඹ වෙලාවට ම ආව නේ..
              උඹත් මම වගේම තමයි බලන් ගියාම වෙලාවට ම වැඩ...

නෑ රවී අයියේ..
එහෙම මොකුත් නැහැ..
කබල් බස් කට්ටක ආවේ..
එකා කොට කොටා ආවේ..
මෙහෙමත් ආපු එක ලොකු දෙයක්. මම හිතුවේ තව පරක්කු වෙයි කියලා...

           අවුලක් නෑ..අවුලක් නෑ..
           කොහොම හරි උඹ වෙලාවට ආවනේ...

ම්ම්? අර කවුද යකෝ...
අප්පට සිරි..මෙන්න තවත් එකක්.
මේක ස්ටුඩියෝ එකක් ද නැත්තම් වෙන මොකක්හරි එකක් ද?
පහල එකයි..මෙන්න උඩත් එකෙක් ...
අම්මෝ..
එකෙක් නෙමෙයි තුන් දෙනෙක්ම..

ම්ම්..
අන්න අර කෙට්ටු උස එක නම් සුපිරි..
පොඩ්ඩක් කළු වුනාට හැඩරුව නම් බොහොම ලස්සනයි..

රවී අයියේ..
මොනාද කර කරහිටියේ..
මොනාද ඔය ලියන්නේ?

             ආ මල්ලි මම දැන් උඹේ වැඩේට නේ ආවේ...
             මේ කරන්නේ උඹේ වැඩේ තමයි...
             උඹේ මෙලඩියට ලිරික්ස්  දානවා..

ම්ම් ..අර කෙල්ලඅපේ දිහා නේද බලන් ඉන්නේ නිකන් කන්න වගේ..
ම්ම්ම්..අපේ දිහාකිව්වට  මෙකි බලන් ඉන්නේ රවී අයියා දිහා නේ..
හප්පා බැල්ම්ට් එකේ තියෙන පෙම් පාට..රවියා ටම කැපෙන බඩ්ඩ ..
ඒ මොකක්ද ඒ සීන් එක...?
අපෝ...
මල හත්තිලව්වට ගහපු කලාබරේ කිව්වලු..
කෝ ඉතින් මේ රවී අයියා වෙන් කොහෙද බලාගෙන නේ..
චිකේ..
කැතේ බෑ...
මේකට ඉතින් ගිටාර් එක තිබ්බොත් ඇති. කෙල්ලෝ ඕනත් නැහැ. කොටින්ම කන්න ත් ඕනේ නැහැ..
ම්ම්
ම්ම්
එහෙම්මමත් නැහැ වගේ...ඒ..ඒ..ඒ..ඒ..ඒ..

මට පෙන්නේ මූත් හොරෙන් හොරෙන් එකී දිහා බලනවා වගේ...
ඔවු ඔවු..අර අර..
කෝ බලන්න..අ..අ..

              ආ ඇයි  මල්ලි මොකද?
             මොකෝ මගේ මූන දිහා බලන් ඉන්නේ..

ආ? නෑ නෑ..අයියේ මේ නිකන්..
ගණන් ගන්නෙපා...

අයියා දැන් වැඩේ කොහොමද?
දැන් ඔක්කොම ලිරික්ස් දාලා  ඉවරද?

            ඔව්..දැන්නම් ඉවරයි..

එහෙනම් පොඩ්ඩක් ප්ලේ කරමුකෝ අයියේ..
ගිටාර් එකත් තියෙනවා නේ...

         දැන් ඕවා කරන්න බෑ මල්ලි..
         දැක්කද ? අන්න තුසිත යා එනවා..
         ඔහොමම යමු  ලැබ් එක ඇතුලට..
         එතනදීම ඔක්කොම ටික කරමු..


රයිට් අයියා..
එහෙනම් යං..

එයි අර බලහන් කෝ ..අරකි රවියා දිහාම බලන් ඉන්නවා.
රවියා කොහම වෙතත් මෙකි නම් රවියාට සෑහෙන්න ලවු වගේ...
එකී නිකම් අඬන්න වගේ බලන් ඉන්නේ..මොනා හරි ඉල්ලනවා වගේ..
පවු ඉතින් කෙල්ල..
මේ පිටසක්වල ජීවියෙක් වගේ ඉන්න එකෙක්ට විහින් සැට් වෙන්නන් යනවා
හම්මට හුඩු..මෙන්න ලැබ් එක..
පිස්සු හැදෙනවා ...
පට්ට ගානක් යට කරලා වගේ හදල තියෙන්නේ...

සුපිරි ලැබ් එක නේද අයියේ...

           ඔවු මල්ලි. මම ගොඩක් වැඩ කරගන්නේ මෙහෙ ඇවිත් තමයි. තුසිතයා මගෙත් ෆිට් එක.  
           ඒ යාලු ෆිට්  එක  හින්දා තමයි මෙහෙම ඇවිත් යන්න එන්න වැඩ කරගන්න පුළුවන්..
            ඒක නෙමයි
           තුසිත යා උගේ සීට් එකට ගිහින් පටස් ගාලා එන්නම් කිව්වා..
           එතකම් පොඩ්ඩක් අපි මෙහෙමම ඉමු..

එක නෙමයි රවී අයියේ..
අර එළියේ හිටපු අර රතු ගවුමක් ඇඳන් හිටපු කෙල්ල  අයියාගේ කවුරු හරි කෙනෙක්ද?

           කවුද මල්ලි..

           මම දන්නා කෙල්ලෙක් එතන හිට්යේ නැහැ නේ..

          ආ...හරි හරි..

          ඔය කියන්නේ හංසි ගැන වෙන්න ඇති..

හංසි..?
ආ හංසි ද නම?
ඔය එන්නේ..

          ඔවු මල්ලි
          ඔය තුසිතයා ගාවට ඇවිත් රේකොඩින් කර ගන්න උඹ වගේම අලුත් එකියක්.
          තුසිත යා කියපු විදියට දැනට සින්දු දෙකක්ද කොහෙද කරලා තියෙනවාලු.. 


ආ එහෙමද..?

කවුද ඉතින් දන්නේ...නේ..

          හැබැයි ඉතින් මගේකවුරුවත් නම් නෙමේ.හරිද..?
          නිකන් වැරදිඑක්ස්ප්ලනේෂන් දෙන්නෙපා..හරිය?

නැහැ අයියේ මම නිකන් ඇහුවේ.
එහෙම ඇහුවේ මොකද එකී අයියා දිහා මයි බලන් හිටියේ..

        මොකක් ?????
        ආ...ඒ මම උඹට වඩා මම  හැන්ඩියා හින්දා වෙන ඇති..
        හඃ..හඃ..හඃ...හඃ..හඃ..
        උඹ කොහොමද බන් ඔච්චර විස්තරයක් දැක්කේ..
        උඹත් මාර පොරක් නේ..
         තව පොඩ්ඩක් වෙලා හිටියා නම් උඹ මාව ඒකිට කසාද බන්දලත් දෙවි වගේ...


ඔවු ඔවු අයියේ. 
එකී හිටපු විදියට නම් තව ටිකක් වෙලා ගියානම් අයියා කියාපු දේ තමයි කරන්න වෙන්නේ...
අයියා කොහොමත් ඉතින් හැන්ඩියා නේ..

          හ්ම්ම්...හරි හරි මල්ලි ..ඔන්න ඔව්වා අමතක් කරලා දාන්න..
 
ම්ම්..රවියාගේ ඒ වචන ටික නම් ඇල්ලුවේ නැහැ..
හෙන බූට් වොයිස් එහෙකින් නේ කිව්වේ...
මට හිතෙන්නේ දෙන්නගේ මොකක්දෝ මෙව්වා එකක් තියෙනවා වගේ..සමහරවිට බූට් එකක් ද දන්නේ නැහැ..
මේ රෙද්දවල් හින්දා මට ආපු වැඩෙත් අමතක වෙනවා..

            රසික මල්ලි අන්න තුසිතයා එනවා..
            වරෙන් . ඌත් එක්කම මෙලඩි ය ප්‍රැක්ටිස් කරමු...

රායිට් ඔය එන්නේ මෑන් ..
යං අයියේ...
මේ වැඩෙත් අද කොහොමහරි ඉවර කරන්න එපෑයෑ ...


==========2 වැනි කොටස ==========



29 comments:

  1. ලියන්නකෝ බලන්න.. ඔක්කොම කියෝලා තමයි කියන්නේ.. අවුලක් නැහැනේ?

    ReplyDelete
    Replies
    1. කිසම අවුලක් නැහැ..උපේක්ෂා..

      දෙන්නකෝ බලන්න හොඳ ෆීඩ්බැක් එකක්...

      Delete
  2. හංසි කියපු ගමන් මම හිතුවේ මේ අර අපේ දිග හංසි කෙල්ල ගැන පෝස්ට් එකක් කියලා.මම දුවගන ආවෙත් ඒක බලන්න.

    වරහන් ඕනේ නෑ බං.වරහන් දැම්මහම පෝස්ට් එක කැතවෙනවා.අර 66-99න් වැඩේ ගොඩ දාපන්.කතාවට කමෙන්ට් කරන්න තාම කල් වැඩියි.තව ලියපන්කෝ.කොහොම කලත් වැටෙන් එහා පිපුණ මල් ගොඩක් සුවඳයි වත්තේ පිපුන ඒවට වඩා.

    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. දිග ... :/ මේ බතල කසුට්ටෝ එන්ටෙපා ලස්සන හංසයින්ට මොකුත් කියන්න ... ;) අර කසුට්ටත් කතාවක හංසි නම දාල තිබ්බෙ. ඒ කතාවනම් මගදි අතුරුදහන් වෙලා (කසුට්ට ගිලල )

      Delete
    2. හරි කටුස්සෝ..මම හදන්නම්..

      ------
      තැනක් යූ වෙරිම්ච් ෆො දී ඇඩ්වයිස්

      Delete
  3. මේක වෙනස්ම විදිහේ ලියවිල්ලක් වගේ මට නම් අල්ලලා ගියා. කොහොමත් වෙනස් විදිහේ අත්හදාබැලීම් වලට මම කැමතියි. අවට වටපිටාව විස්තර කරේ නැතිඋනාට චරිත ටික හිතේ මවුන හැබැයි කතාවෙ රසික කිව්වම අපේ රසික මල්ලි වගේ කෙනෙක් ඔලුවට ආවෙ :D .. බලමු ඊළඟට මොකෝ වෙන්නේ කියල ..ලියන්නකෝ ඉතිරි ටිකත් :)

    අර 'එක්තරා වීඩියෝව ' ?? දැන්නම් ඒ මොකක්ද කියල කුතුහලයක් ..........

    ReplyDelete
    Replies
    1. බලමු බලමු...

      අර "එක්තරා වීඩියෝව" බොහොම හොදට දන්නා එකක්.
      ටික කාලෙකට කලින් ජනප්‍රිය වෙච්ච එකක්..

      Delete
  4. හැහ් මේ අර බ්ලොග් ලියන හංසිය ද? දැන් කැම්පස් අතෑරලා මේකි සින්දු කියන්න පටන්ගෙන ද? ආයෙ හම්බුනාම සින්දුවක් අහන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන් කසුන්...
      බලමු...

      Delete
  5. මේ කතාව කියෙව්වම හංසිවයි රසිකවයි තව මදිවට අර නිදහස් සිතුවිලි ලියන රවී මහත්තයාවයි මතකයට එන්නේ මට විතරද?

    ReplyDelete
  6. මටත් ඒ සෙට් එකම මතක් උනා..

    හොඳ ස්ටයිල් එකක්. අවුලක් නෑ... දිගටම ලියමු...

    ReplyDelete
    Replies
    1. හරි හරි...
      කෑල්ල කෑල්ල ලියන්නම්...

      Delete
  7. දැං ඔක්කොටම බ්ලොග් ලියන එක එකා මතක් වෙන එකේ මේකෙන් ෂෝට් ‍ෆිල්ම් එකකුත් කරල දාමුද?? (රසික, හංසි, රවී මහත්තයා සැට් කොරගෙන) නැත්තං අන්තිමට දාන්න තිබුණෙ 'නම් ගම් මනංකල්පිතයි කියලා.... හැක්! දිගටම ලියමු...

    ReplyDelete
    Replies
    1. හරි...
      ------
      ෂොට් ෆිල්ම් එකක් බලන්න තරම් දැන් බ්ලොග් චරිත ෆෙම්ස් වෙලාද?

      Delete
  8. Replies
    1. අනේ මන්දා...ඉවාන්...

      -------
      පොඩි වෙනසක්..

      Delete
  9. නියම කථාවක්, ඉතුරු ටිකත් ඉක්මණින් ලියන්න..

    ReplyDelete
  10. මේකේ අමුතුම ලල් එකක් තියෙනවා සහෝ පට්ට

    ReplyDelete
    Replies
    1. හරි හරි...

      තැනක් යූ...

      ඉතුරු ටිකත් දාන්නම්...

      Delete
  11. අළුත් ශෛලියක්.ඉක්මනට ඉතුරු ටිකත් ඕන හරිය

    ReplyDelete
    Replies
    1. හරි හැර..
      අනිවා ගේන්නම්..

      මේක පොඩි එක්ස්පෙරිමෙන්ටල් ස්ටයිල් එකක්..

      Delete
  12. වෙනස් ස්ටයිල් එකක් ඊලඟ එක බලමු නේහ්

    ReplyDelete
  13. ඔබේ බ්ලොග් අඩවියේ පලවු ලිපි නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ දෙවනි වටයට තේරි ඇති අතර , තරගයට ඔබේ බ්ලොග් අඩවියේ ලිපි ඉදිරිපත් කිරිම ගැන අකමැත්තක් ඇත්නම් කරුනාකර atampahura@gmail.com වෙත ඊමෙල් පනිවිඩයක් මගින් දැනුම් දෙනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි , 2017-03-12 දින පෙරවරු 6 ට බ්ලොග් සටහනක් මගින් තරග කරන බ්ලොග් අඩවි ප්‍රකාශයට පත් කරන බැවින් ...ඊට ප්‍රථමව අකමැත්තක් ඇත්නම් දැන්වුවහොත් අපහට මහත් අස්වැසිල්ලකි . ස්තුතියි ....නෙලුම්යාය වෙනුවෙන් ...අටමා

    ReplyDelete
    Replies
    1. තැනක් යූ අටමෝ ,බොහොම සන්තෝසයි...

      Delete
  14. ටිකක් දිග උනාට මරු කතාව ... දැන්ම මුකුත් කියන්න කල් වැඩියි... දිගටම ලියමුකො .. ජය !!

    ReplyDelete

කමෙන්ට් කලාපය....